වතු ජනතාවගේ 1750ක දෛනික වැටුප් ඉල්ලීම කොහොමහරි මේ වසරේ ලබාදෙනවා – ජනපති අනුර කියයි

වතු ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොරබදමින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන මලයගම් ජන ප්‍රජාවගේ ආර්ථික මෙන්ම සමාජයීය අයිතිවාසිකම්ද තහවුරු කිරීමේ වගකීම ඉටුකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මලයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදීමේ අවස්ථාවට ඊයේ (12දා) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *