දූෂණ චෝදනාවට පමණක් සිංගප්පූරු ප්‍රවාහන ඇමති ඉල්ලා අස් වෙයි

දූෂණ චෝදනා එල්ල වී තිබෙන සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා අද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන වාර්තා වේ.

සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු- කරන ලද්දේ, ඉන්දීය සම්භවයක් ඇති එස්. ඊස්වරන් නමැති පුද්ගලයෙකි.

ඔහු, පසුගිය ජූලි මාසයේ දී අත්අඩංගුවට ගෙන තිබුණු අතර, පසුව ඇප මත මුදා හැර තිබුණි.

කෙසේ වෙතත්, ඔහුට එරෙහිව පවතින නඩුව ඊයේ දිනයේ කැදවා තිබෙන අතර නඩුවට පෙනී සිටීමෙන් පසුව, එස්.ඊස්වරන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබේ.

ඔහුට එරෙහිව චෝදනා 27 ක් එල්ල වී තිබේ. ඉන් ප්‍රධානතම චෝදනාවක් වන්නේ, සිංගප්පූරුවේ ජීවත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන්, ෆෝර්මියුලා වන තරගයක් නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර කිහිපයක් ලබා ගැනීමයි.

ප්‍රවාහන අමාත්‍ය එස්.ඊස්වරන් අත්අඩංගුවට ගත් දිනයේ දී ම, ඔහුට අල්ලස් දුන් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයවද සිංගප්පූරු පොලිසිය මගින් අත්ඩංගුවට ගෙන තිබේ.

තමන්ට එල්ල වී තිබෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන එස්.ඊස්වරයන්, දැන් තමන්ට කිරීමට ඉතිරිව ඇත්තේ තමාගේ නම පිරිසිදු කර ගැනීම පමණක් යැයි පවසා තිබේ.

සිංගප්පූරුව, ලෝකයේ දූෂිත දේශපාලනඥයන් නැති රටවල් අතර මුල් පෙලේ සිටින රටකි.

සිංගප්පූරුව, අල්ලස සහ දූෂණයෙන් දේශපාලනය ඈත කර තැබීම සදහා, එරට මැති වරුන්ට ලොව ඉහළම වැටුපක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *