පුද්ගලයෙකුට පහරදී, අසත්‍ය චෝදනා එල්ල කළ කොට්ටාව පොලිසියේ 06 ක් වැරදිකරුවන් බවට තීන්දු කරයි

2016 වසරේ ජූලි මස 09 වැනිදා පෞද්ගලික බස්රථ ක්‍රියාකරුවෙකු ‘කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව’ අත්අඩංගුවට ගෙන, දණ ගස්වා, හිසට පිස්තෝලයක් තබා මරණීය තර්ජන එල්ල කර, පහර දී, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින්, කොට්ටාව පොලිසියේ නිලධාරීන් 06 දෙනෙකු අදාළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (13) තීන්දු කර තිබෙනවා. 

ඒ වෙනුවෙන් අදාළ පොලිස් නිලධාරීන් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 10 ක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි සඳහන් වෙන්නේ. 

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි විතානගේ සුනිල් විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟතාව ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *