මෙහෙයුමට නායකත්වය දුන් ASP ඕලුගල ඇතුළු පිරිසට ජනපතිගෙන් පැසසුම්

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පාතාල අපරාධකරුවන් පිරිස නේපාලයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මෙහෙයුමට නායකත්වය දුන් සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට දුරකථනයෙන් ඊයේ (13 වැනිදා) කථා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ පිළිබඳ තොරතුරු විමසා එම නිලධාරීන්ට ප්‍රශංසා කර ඇත.

මෙම මෙහෙයුම පිළිබඳවත් ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳවත් තොරතුරු විමසා ඇති ජනාධිපතිවරයා ඊට අවශ්‍ය සියලු සහාය ලබාදීමට පොරොන්දු වී තිබේ.

අත්අඩංගුවට ගත් පාතාල කල්ලිය කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *