ලංගම කොන්දොස්තරලාගේ දිනක ගැහිල්ල කෝටියක් බව හෙළි වෙයි

මගී ප්‍රවේශපත් නිකුත් නොකර සිදු කෙරෙන වංචාවෙන් ලංගමයට දෛනිකව රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මේ තත්ත්වය වැළැක්වීමට මේ වසර තුළදී ම බැංකු කාඩ් මගින් ගාස්තු ගෙවීමේ අවස්ථාව මගීන්ට සලසන බව ත් ඉදිරියේදී බැංකු කාඩ් මගින් ගෙවීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බව ත් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, දිනකට ලංගම මගී ප්‍රවේශපත් මගින් රුපියල් මිලියන 150ත් 200ත් අතර ආදායමක් ලබන බව ය.

ලංගම හා පෞද්ගලික සියලු ම බස් රථ සදහා ඩෙබිඩ් හා ක්‍රෙඩිට් කාඩ් මගින් ගාස්තු ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන්වීමට ප්‍රථම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබදව බස් රථ සේවකයින් පළාත් මට්ටමින් දැනුවත් කෙරෙන බව ත් හෙට (ඔක්. 16) බස්නාහිර පළාතෙන් එය ආරම්භ කෙරෙන බව ත් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *