නොරොච්චෝ‌ලේ බලාගාරයේ ඉවත් කරන අළු වලින් පුත්තලම අධිකරණය හදයි

පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකර‍‍ණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන්දි අද විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 202ක් වැය කර තිබේ.

එහි ඇති විශේෂත්වය වන්නේ, නොරොච්චෝල විදුලි බලාගාරයෙන් ඉවත් කරන ලද අළුවලින් සකස් කළ ගඩොල් භාවිතා කරමින් අධිකරණ ගොඩනැගිල්ලේ ඉදි කිරීමයි.

විවෘත කිරීමෙන් පසුව ඉදි කිරීම් සිදු කළ පෙදරේරු මහතා සමඟ හමුවී සුහද කථා බහක ද අධිකරණ අමාත්‍යතුමා නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *