රේගුව දිනක් තුළ ලැබූ ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කරයි

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දිනයේ වාර්තා කර තිබේ.

ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමිනි.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කිරීමට රේගුව සමත් වී ඇත.

2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවනු ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *