විදේශ රැකියා සඳහා පිටත්ව යන විගමණික ශ්‍රමිකයන් වෙනුවෙන් සහනදායී මිලට ගුවන් ටිකට්පත් ලබාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායී මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුළුවක් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල පාර, නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේදී ඊයේ (16) විවෘත කෙරිණි.
මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සිදු කරන අතර, ලොව ඕනෑම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩු මිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකිය. මේ අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී. එස්. යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී. ඩී. පී. සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරි ප්‍රසාද් ගලප්පත්ති මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී සිටියහ.