ගුවන් ගමනට පැය 04කට පෙර ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවසරය ලබා දෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 04 කට පෙර ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරවා ගැනීමට අවසරය ඊයේ (17දා) දහවල් සිට ලබාදී තිබේ.

මෙමගින් ගුවන් මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම හා ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපොළ කටයුතු පහසු කිරීම අපේක්ෂා කරන බව ගුවන් තොටුපළ පාලනාධිකාරිය සඳහන් කරයි.

ගුවන් තොටුපොළින් පිටත්ව යන මගීන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමේ කාලසීමාව මීට පෙර පැවැතියේ පැය 03 කට පෙරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *