තංගල්ල ධීවර වරායේ අසාමාන්‍ය ලෙස හැසිරුණු සුනඛයන් හතර දෙනෙකුට Òතංගල්ල ඇනිමල් හොස්පිටල්Ó ආයතනය ප්‍රතිකාර ලබා දී තිබේ. ඉකුත්දා (14) රාත්‍රි මත්ද්‍රව්‍ය තොගය ගොඩබෑමෙන් පසුදින (15) සිට සුනඛයන් පස් දෙනෙකු එකතැන කැරකෙමින් හිස් ලූලූ අත දිවයමින් අසාමාන්‍ය ලෙස හැසිරී තිබේ. නාවික හමුදාව රැකව මුහුදෙන් සොයාගත් අධික ලෙස දියබත් වූ මත්ද්‍රව්‍ය උර ගොඩබිමට රැගෙන විත් ජැටිය මත තැබීමෙන් පසු දියවී ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ මිශ්‍රව එක් රොක්වූ ජලය බීමෙන් සුනඛයන් එලෙස හැසිරුණු බව ධීවරයෝ පැවසූහ.
තංගල්ල ධීවර වරායේ සුනඛයන් 15 – 20ක් පමණ දිවි ගෙවති. සුනඛයන්ට ප්‍රතිකාර ලබා දුන්නේ තංගල්ල කඳුරුපොකුණ පාරේ පිහිටි Òතංගල්ල ඇනිමල් හොස්පිටල්Ó නමැති පුද්ගලික ආයතනයක පශු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. එම ආයතනයේ අධිපති දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෛද්‍ය රුවන් වික්‍රමාරච්චි මහතා පැවසුවේ සුනඛයන්ගේ අසාමාන්‍ය හැසිරීමට හේතුව සොයා ගැනීමට ප්‍රතිකාර කළ සුනඛයන්ගේ රුධිර සාම්පල ලබාගත් බවයි. ඒවා පරීක්ෂා කිරීමෙන් පසු සුනඛයන් එලෙස හැසිරීමේ සැබෑ හේතුව සොයාගත හැකි බව ද වෛද්‍ය වික්‍රමාරච්චි මහතා පැවසීය.
අසාමාන්‍ය ලෙස හැසිරුණු සුනඛයන් පස් දෙනාගෙන් දෙදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.
Òතංගල්ල ඇනිමල් හොස්පිටල්Ó ආයතනයේ ධනුෂ්ක සහ තිලිණි යන පශූ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් සුනඛයන්ට ප්‍රතිකාර ලබාදී තිබේ.