මෙරට කාර්මික නිෂ්පාදනය අගෝස්තුවේ 7.6%කින් ඉහළට යයි

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය අගෝස්තු මාසයේදී 7.6% කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එයට ප්‍රධාන වශයෙන් ඇඟලුම්, ලෝහ නොවන ඛනිජ සහ ඛනිජ තෙල් නිෂ්පාදන හේතු වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෘෂිකර්මාන්තය තුළ මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කළ අතර, තේ සහ පොල් වල සුළු වැඩිවීමක් පෙන්නුම් කළ අතර රබර්වල පහත වැටීමක් දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *