කෝප් සහ කෝපා කමිටුවට නිතීමය ක්‍රියමාර්ග ගන්න බලය දෙන ස්ථාවර නියෝග සංශෝධනයට අනුමැතිය

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සහ  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව)  වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයාට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට යැවීම සඳහා බලය පැවැරෙන පරිදි   ස්ථාවර  නියෝග සංශෝධනය කිරීමට  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත

කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඊට මෙසේ අනුමැතිය ලැබිණ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කමිටුවේ මෙම වාර්තාව කථානායකවරයා අනිද්දා  බදාදා(22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුවය ඵය න්‍යාය පත්‍රයට ඇතුළත් කර  පාර්ලිමේන්තුවේදී සළකා බලා සම්මත  කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *