මේ ආණ්ඩුව දවසකට කෝටි 550 ගානේ ණය අරගෙන – චන්න ජයසුමන

රටේ ධනය උත්පාදනය කිරීමට හා ආර්ථිකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලයේ ක්‍රියාකාරිකයෙක් වන ආචාර්ය චන්න ජයසුමන පවසනවා. 

වත්මන් ආණ්ඩුව මෙම වසරක කාලයේදී කිසිදු දෙයක් සිදු කර නොමැති බවද, ඉදිරි වසරේද කිසිදු දෙයක් සිදු කරනු ඇති බවට බලාපොරොත්තු විය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා. 

පසුගිය මාස 06 තුළ පමණක් ආණ්ඩුව රුපියල් ට්‍රිලියනයක ණය ගෙන ඇති බවත්, එය දිනකට රුපියල් කෝටි 550 ක් බවයි ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ. 

නමුත් එම ණය රැගෙන විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් හෝ, අලුත් ඉදිකිරීමක් හෝ, අලුත් ව්‍යාපෘතියක් සිදු කර ඇත්ද යන්න ආණ්ඩුවෙන් විමසුවහොත්, එයට කිසිදු උත්තරයක් ඔවුන්ට නොමැති බවද ආචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *