අඩු මිලට ඖෂධ දෙන්න පියවරක් තබයි – නව පනත් සංශෝධනයක් ගෙන්න යයි

උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අංක 244/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගය පිළිබඳ විවාදය අරඹමින් සමරවීර මහතා මේ බව කීය.

“සියලු ඖෂධ හා සුවඳ විලවුන් සම්බන්ධව තිබෙන පනත මෙයයි.රටේ ජන සමාජයට ඖෂධ සපයා ගැනීම සම්බන්ධව ගැටලු රැසක් තිබුණා.ඖෂධ නිසි කලට සපයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.ඖෂධ  සැපයුම් සියලු නියාමනයන්ට අදාළ ආයතනය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි.සමස්ත  සෞඛ්‍ය සැපයුම් ජාලය ගත්විට වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නීතිගත සංස්ථාව වැනි ආයතන ගණනාවක් ඖෂධ සැපයුම් ක්‍රියාවලිය සමඟ ගැට ගැසී තිබෙනවා.

යම් ඖෂධයක් සම්බන්ධයෙන් උපරිම මිලක් රටට අවශ්‍ය වී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *