හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා රංගන ශිල්පීන් පිරිසක් සමඟ කාල්ටන් නිවස වෙත ගිය ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය එහිදී අදහස් දක්වමින්, හිටපු ජනාධිපතිවරයා දැකීම “බුදුන් දුටුවා හා සමාන සැනසීමක්” බව පැවසුවාය.
“මං පුන පුනා බලාගෙන සිටියා කවදාද මේ ගමන එන්නේ කියලා. එතුමා කළ කී දෑ කොයි කාටත් රහසක් නොවේ. කළගුණ සලකන්න තමයි මම මෙතැනට ආවේ. ඇත්තටම එතුමා දැක්කම අපේ හිතේ තිබුණ ගින්දර ගොඩක් නිවිලා වගේ සැහෑදීමක් ඇති වුණා. හරියට බුදුන් දැක්කා වගේ,” යැයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියාය.