වැරදි වැඩවලට සම්බන්ධ වූ අයට සජබයේ අපේක්ෂකත්වය දෙන්නේ නෑ – රංජිත් මද්දුමබණ්ඩාර

වැරදි වැඩවලට සම්බන්ධ වූ කිසිදු පුද්ගලයෙකුට එළඹෙන පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබා නොදෙන බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. 

ඒ අනුව, ඔවුන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ. 

සොරුන් බවට චෝදනා කළ ද, සියලු දෙනා සොරුන් නොවන බව ද, වත්මන් ආණ්ඩුව පත්වී වසරක් ගත වී ඇති අතර, දඬුවම් දී ඇත්තේ කුමන හොරාටදැයි ගැටලුවක් මතුවන බව ද ඔහු ප්‍රකාශ කළා. 

ආණ්ඩුව සොරකම අල්ලන බව පවසා එයට මුවා වී විපක්ෂය මර්දනය කිරීමට කටයුතු කරමින් ඇති බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *