සෞඛ්‍ය ආපදාවක් නම් අමතන්න GMOA වෙතින් දුරකතන අංකයක්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අවශ්‍ය වී ඇත්නම් දැනුම් දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දුරකතන අංකයක් හඳුන්වා දෙනු ලැබ තිබේ.

ඒ අනුව, 0774506602 දුරකතන අංකය ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය ආපදාවට පත් වී ඇති ජනතාවගේ තොරතුරු ලබා ගනිමින් ඔවුන්ට අවශ්‍ය හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආපදා කළමනාකරණයට අදාළ සියලු පාර්ශව සමග සම්බන්ධීකරණය කරමින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර එම තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙම විශේෂ දුරකතන අංකය හඳුන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *