මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් කියයි

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා නාවලපිටියේදී පැවති ‘නොයා යුතු තැන’ දේශන මාලාවේදී ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බවයි.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 36 හි දැරිය හැකි උපරිම සිරකරුවන් ප්‍රමාණය 10,500 ක් වුවත්, දැනට 36,000 කට අධික ප්‍රමාණයක් සිටින බවත්, එයින් 65% ක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා සිරගත වූවන් බවත්ය. මත්ද්‍රව්‍ය ලබා ගන්නා අයගෙන් බහුතරයක් සිංහල බෞද්ධ ළමුන් බවද ඔහු පෙන්වා දුන්නා.

රටේ අනාගතය වන පාසල් දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශන මාලාව පවත්වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙම දේශනය නාවලපිටිය කොත්මලේ සිංහ සමාජය සහ නාවලපිටිය පොලීසිය සංවිධානය කර තිබූ අතර පාසල් 05ක සිසුන් 500ක් ඊට සහභාගී වී තිබූ බවටයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *