මාස 09ට පොල් රට යවා ඩොලර් මිලියන 900ක් හොයයි – පසුගිය වසරට වඩා 41%ක වැඩිවීමක්

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර සාපේක්ෂව විශාල වර්ධනයක් අත්කරගෙන ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ යටතේ පසුගිය වසරේ පළමු මාස 9ක කාලය තුළ අපනයනය කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අමෙරිකන් ඩොලර් මිලියන 640.97ක මුදල මේ වසරේ පළමු මාස 9ක කාලය තුළ අමෙරිකන් ඩොලර් මිලියන 909.09ක් දක්වා ඉහළ ගොස් ඇති බව මණ්ඩලය පෙන්වා දෙයි. එම වැඩි වූ ප්‍රතිශතය 41.83%ක් බවද මණ්ඩලය පවසයි

එමෙන්ම පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ එම අපනයන ආදායම අමෙරිකන් ඩොලර් මිලියන 71.19ක් වුවද ඒ ආදායමද මේ වසරේ සැප්තැම්බර් මාසයේ 72.03%කින් ඉහළ ගොස් ආදායම අමෙරිකන් ඩොලර් 122.47 දක්වා වැඩි වී ඇතැයිද මණ්ඩලය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *