පොහොට්ටුව කතුන්ට නායකත්වය උගන්වයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් අරඹා තිබේ.

දේශපාලන කාන්තා නායකත්වයේ අනාගතය උදෙසා “Young Women Lead”  සංගමය සංවිධාන කළ මෙම වැඩසටහන බත්තරමුල්ල නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

පොදුජන පෙරමුණ තරුණ නායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවක් පවත්වන අතර නෙළුම් මාවත කාර්යාලයේදී පැවැත්වූයේ බස්නාහිර පළාත් වැඩසටහනයි.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *