පාසල් දරුවෝ පහක් එල්ලුම් ගහ ළඟ – මවත් එක්ක හිර බත් කන කිරි දරුවෝ 42ක් – බන්ධනාගාර කොමසාරිස්

මිනීමැරුම් සහ  මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම් ගහට නියම වුණු 826 දෙනා අතර පාසල් සිසුන් පස්දෙනෙකුද සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.

මව කල වැරදි වලට මව සමග සිර දඬුවම් විඳින වයස පහට අඩු දරුවන් 42ක් සිටින බව පැවසූ කොමසාරිස්වරයා මින් 19 දෙනෙකු පිරිමි සහ 23දෙනකු ගැහැණු  දරුවන් බවද ප්‍රකාශ කළේය.

මරණ දඬුවම නියම කෙරුණු 826 දෙනකු රට පුරා බන්ධනාගාරවල සිටින බවත් මින් වැඩි පිරිසක් එනම් 805 ක් පිරිමින් බවත්  වීරසිංහ මහතා පැවසීය.

මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවන් සංඛ්‍යාව විසි එකක් බවද ඔහු අනාවරණය කළේය.

රට පුරා බන්ධනාගාර 36ක් පවතින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා දහ දාස් පන්සීයක් සිටිය යුතු එම බන්ධනාගාරවල මේ වනවිට 36000ක් සිටින බව සඳහන් කළේය.

ඒ අනුව බන්ධනාගාරවල  ධාරිතාව සියයට හාරසීයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

දිවයින පුරා බන්ධනාගාරවල  සැකකරුවන් 25173ක් සිටින බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *