කොළඹ නගරයේ සහ රටපුරා විවිධ ප්‍රදේශවල මහාමාර්ගවල ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීමට රජය අවධානය යොමුකර ඇත.
මේ සඳහා අවශ්‍ය කැමරා ප්‍රමාණය සහ ඊට වැයවන මුදල් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පාතාල අපරාධකරුවන් ඇතුළු විවිධ සැකකරුවන් අල්ලා ගැනීමට ආරක්ෂිත කැමරා බොහෝදුරට උපකාර වූ අතර මෙම කැමරා පද්ධතිය නිසා බොහෝ සැකකරුවන් අල්ලා ගැනීම පහසු වූ බව ද එම ප්‍රකාශකයා පැවසීය.
මෙම ආරක්ෂිත කැමරා පද්ධතිය පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට ද බස්නාහිර, වයඹ සහ උතුරු පළාත මුල්කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු වී තිබේ.
ලබන වසර ආරම්භයේදී මෙම කැමරා පද්ධතිය ක්‍රියාත්මක කිරීම අරමුණයි.