විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2000ක් වන්දි ලබා ගෙන ගෙදර යන්න තීරණය කරයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයෙන් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑම සඳහා 2000 කට අධික සේවක පිරිසක් ඉල්ලුම් කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු සේවකයන් සංඛ්‍යා 22000 ක් පමණ වන අතර ඉන් 20 000 ක් පමණ පිරිසක් අලුතින් පිහිටුවන ලද සමාගම්වල සේවය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් ලිපි ලබාදී ඇතැයිද එම මණ්ඩලය ආරංචි මාර්ග කියයි.

විදුලි ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉදිරි දිනකදී අහෝසි කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් පිහිටුවන ලද සමාගම් හතරට සේවකයන් අනුයුක්ත කර තිබේ.

ඒ අනුව නව සමාගම් යටතේ සේවය කරන්නේද එසේත් නැතිනම් වන්දි ලබා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යන්නේද යන්න තීරණය කිරීම සඳහා සේවකයන්ට ලබා දී තිබූ කාලය අදින් නිමාවට පත්විය.

ඒ අනුව ආරංචි මා ර් ග සඳහන් කළේ සේවකයන් 2000 ක් පමණ වන්දි ලබා ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමට කැමැත්ත පළ කර තිබෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *