රනිල්ගේ නඩුව ජනවාරි 28ට කල් තබයි – විමර්ෂණ කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණය නියෝග කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ  සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන  ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉකුත් දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම්දෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *