ඊයේ දිනයට පමණක් මත්ද්‍රව්‍ය සහ අපරාධ මෙහෙයුම් යටතේ පුද්ගලයින් 28,000ක් පරීක්ෂා කරයි

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (30) දිනයේදී පුද්ගලයන් 28,240 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. 

එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 11 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 632 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

එසේම, වරෙන්තුකරුවන් 237 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 16 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 24 ක්ද හඳුනාගෙන ඇති බවයි පොලිසිය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *