රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලියින් 970ක් අත්අඩංගුවට ගනියි

“රටම එකට“ ජාතික මෙහෙයුමට අනුව පොලීසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී වැටලීම් 987ක් සිදු කර තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම හරහා සමස්තයක් ලෙස සැකකරුවන් 971 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් නිවේදනය කළේ, එහිදී සැකකරුවන් 22කට අදාළව රැඳවුම් නියෝග ලබාගත් බවය.

ඒමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 10 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබේ.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *