‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (31) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා.
ඒ අනුව, හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 407 කින් හෙරොයින් ග්‍රෑම් 493 යි මිලිග්‍රෑම් 82 ක් සොයාගෙන ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 354 ක් අතරින් අයිස් ග්‍රෑම් 561 යි මිලිග්‍රෑම් 521 ක් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව, වැටලීම් 268 කින් ගංජා කිලෝග්‍රෑම් 07 යි ග්‍රෑම් 430 යි මිලිග්‍රෑම් 354 ක් හා ගංජා පැළ 14,058 ක් සොයාගෙන ඇති බවද සඳහන්.
එසේම, ඊයේ දිනය තුළදී සමස්ත වැටලීම් 1072 ක් තුළින්, සැකකරුවන් 1076 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.