පසුගිය වසරේ (2024) මුල් මාස නවයට සාපේක්ෂව මේ වසරේ එම කාලයේදී විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන ආදායම 20%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
වසර 2024 සැප්තැම්බර් මාසයේදී මෙරටට ලැබුණු එම ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 556කි.
එය මේ වසරේ සැප්තැම්බරයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 696ක් දක්වා ලක්ෂ්යමය පදනම මත 20%කින් වැඩිවී ඇත.
වසර 2025 සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෑත මාසවල දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාව පවත්වා ගෙන ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.