සියලුම ජාවාරම්කරුවන්ගේ තොරතුරු ආරක්ෂක අංශ සතුව ඇති බවත් ඉවත් නොවුනහොත් නිසැකවම සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීම කුමණ බාධක මධ්‍යයේ හෝ සිදුකරන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අද දික්ඕවිට වරාය පරිශ්‍රයේ සිට මාධ්‍ය අමතමින් පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ බිලියන 05ක අධික වටිනාකමක් සහිත අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 350ක් සමග අත් අඩංගුවට ගත් ජාවාරම් කරුවන් නාවිකය හමුදාව විසින් අත් අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ අවස්ථාවේ දී ය.
එහිදී නියොජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“ධීවර කටයුතු මුවාවෙන් විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ප්‍රවාහනය කරන අය, බෙදා හරින අය, ආධාර අනුබල දෙන අය… ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ, මත්ද්‍රව්‍ය නාශක අංශය ඔබ පසුපසයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් යොමු කරලා තියෙන්නේ.
සංවිධානාත්මක අපරාධ කරන්නන්… අවි ජාවාරම් කරුවන්… මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්… ඔවුන්ට අනුබ දෙන්නන්… ඔබලාගේ තොරතුරු සියල්ලක්ම අප ලඟ තියෙන්නෙ.