මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් දහතුන් දහසකට වඩා වැඩි සංඛ්‍යාවකට නිසි වැසිකිලි පහසුකම් නැති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව හෙළි වී තිබේ.
ඒ අනුව, ඔවුන් වැසිකිලි යාම සදහා වනාන්තර හෝ වෙරළ තීර භාවිතා කරයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට සමස්ත පවුල් සංඛ්‍යාව හැට එක් ලක්ෂ එකොළොස් දහස් තුන්සිය පහළොවකි.
ඉන් 0.2% ක ප්‍රතිශතයකට හෙවත් පවුල් දහතුන් දහස් තුන්සිය විසි හයකට සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි පහසුකම් නැත.
දත්ත අනුව, මෙරට සමස්ත පවුල් ප්‍රමාණයෙන් 92.2% ක් තමන්ටම වෙන් වූ පෞද්ගලික වැසිකිලි භාවිතා කරති.
පවුල් කිහිපයක් එක්ව එක් වැසිකිලියක් භාවිතා කරන පවුල් ප්‍රමාණය 5.8% කි.
0.2% ක් පොදු වැසිකිලි භාවිතා කරති. තවත් 0.2% ක ප්‍රමාණයකට කිසිදු වැසිකිලි පහසුකමක් නැති අතර, ඔවුන් වැසිකිලි යාම සදහා කැලෑ රොදවල් හෝ වෙරළ තීරය භාවිතා කරති.
පොදු වැසිකිලි භාවිතා කරන පවුල් වැඩි ප්‍රමාණයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළය. එය සංඛ්‍යාත්මකව පවුල් 4518 කි. කොළඹ දිස්ත්‍රික්තය තුල සිටින කිසිදු ආකාරයක විධිමත් වැසිකිලියක් භාවිතා නොකරන පවුල් සංඛ්‍යාව 207 කි.
පවුල් කිහිපයක් එක්ව එක් වැසිකිලියක් භාවිතා කරන පවුල් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ය.
ඩේලි මිරර් ඇසුරෙනි.