හැමදාම බලය නැහැ ජනාධිපතිතුමනි, මහින්ද වගේ ජනේලේ එල්ලෙන්න වේවි – සීලරතන හිමි

රටේ පවතින සියලුම කුඩා දේශපාලන පක්ෂ විනාශ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් දැඩි ලෙස ප්‍රකාශ කර සිටියහ.

උන්වහන්සේගේ ප්‍රධාන චෝදනාව වූයේ, කුඩා දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසම මගින් ලබා දෙන ආධාර මුදල් නැති කිරීමටවත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි. මෙය කුඩා පක්ෂවල පැවැත්මට බරපතළ තර්ජනයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තවදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද බලය පිළිබඳව අනතුරු ඇඟවීමක් කළහ.

“බලය හැමදාම තියෙන්නේ නැහැ. ඒ අනුව, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට ද සිදුවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනේලයේ එල්ලුණු ආකාරයෙන් එල්ලී සිටීමටයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *