දේශීයව නිෂ්පාදනය කරන සියලුම ‘පිළිගැන්වීමට සූදානම්’, එනම් ක්ෂණිකව සකස් කළ හැකි පලතුරු බීම වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) නිෂ්පාදන සහතික කිරීමේ සලකුණ ලබාගැනීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එසේම එවැනි ආනයනික පලතුරු පාන වර්ග සඳහාත් ආනයනික පරීක්ෂාව යටතේ විකිණීම සඳහා අනුමැතිය ලබාගත යුතුය.
ජාතික ආහාර පාන සහතික කිරීමේ අවශ්‍යතාවලට අනුකූලව පාරිභෝගිකයන් සඳහා නිෂ්පාදන ආරක්ෂාව සහ ගුණාත්මක ප්රමිතීන් සහතික කිරීම නියාමනයේ අරමුණයි.
පාරිභෝගික ආරක්ෂාව හා ගුණාත්මක ප්රමිතීන් සහතික කිරීමේ අරමුණ ඇතිව පාරිභෝගික කටයුතු අධිකාරිය දිගින් දිගටම වැටලීම් සිදුකරමින් නීතිය ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි හෝ වැඩිදුර තොරතුරු සඳහා පාරිභෝගිකයන්ට 1977 ක්ෂණික දුරකථන අංකය හරහා පාරිභෝගික කටයුතු අධිකාරිය ඇමැතිය හැකිය.