මාසික වැඩි­හිටි දීම­නාව ගන්න පැමිණි ජ්‍යෙෂ්ඨ­යන්ට දිවා ආහාර දීමේ පුණ්‍ය කටයුත්තක් පවත්වයි

තම මාසික වැඩි­හිටි දීම­නාව ලබා­ගැ­නීම සඳහා ඉංගි­රිය තැපැල් කාර්යා­ලය වෙත පැමිණි වැඩි­හිටි පිරිස් වෙත ආහාර වේලක් ලබා­දීමේ පුණ්‍ය කට­යු­ත්තක් පෙරේදා (03) වාර්තා විය.

ඉංගි­රිය පී.පී. ගමගේ සහ පී.එම්. නීතා දෙපළ විසින් සිදු කළ මෙම සද්කා­ර්ය­යේදී දෙසී­ය­කට ආසන්න ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් පිරි­සක් හට මෙලෙස ආහාර වේලක් ලබා­දීම සිදු­විණි. ඉංගි­රිය ‘අත්වැල’ මිතුරු සමා­ජ­යේද සහ­යෝ­ගය මේ සඳහා හිමිවූ අතර, තම වාරය පැමි­ණෙ­න­තුරු උදෑ­සන සිට පෝලි­මෙහි රැඳෙ­මින් අප­හ­සුතා රැසක් මැද කල්ගෙ­වන වැඩි­හි­ටි­යන් වෙනු­වෙන් සිදු කළ මෙම දාන­මය පුණ්‍ය­ක­ර්මය බොහෝ දෙනාගේ පැස­සු­මට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *