21 රැලියට අපි ආශිර්වාද කරනවා,හැබැයි ඒකට එන්නේ නෑ – සජබයේ තුෂාර ඉදුනිල් කියයි

නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන ‘මහා ජන හඬ’ රැළිය සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවූවද, ඒ සඳහා තම පක්ෂයේ ආශිර්වාදය ඇති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා. 

එසේ නමුත් සමගි ජන බලවේගය එම රැළිය සඳහා පක්ෂයක් ලෙස සහභාගී නොවීම‍ට තීරණය කර ඇති බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ. 

සමගි ජන බලවේගයේ යම් යම් පාර්ශ්ව ස්වාධීනව එම රැළිය සඳහා සහභාගී වනු ඇති බවත්, එසේ නොමැතිව සමගි ජන බලවේගයට මෙම රැළිය වෙත විරෝධතාවක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *