රටට සහ ජනතාවට සුබවාදී අනාගතයක් උදාකිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
වත්මන් ආණ්ඩුව රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරවීම සඳහා බලකරන අතර මර්දනයට එරෙහිව සටන් කරන බව පෙන්වාදෙන ඒ මහතා ජනතාව වෙනුවෙන් අවංකවම පෙනී සිටින දේශපාලන පක්ෂ සියල්ල එළඹෙන 21දා නුගේගොඩට පැමිණෙනු ඇතැයි විශ්වාසය පළකරයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.