පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදී ද ආණ්ඩුව විසින් පැය 04 ක් පමණ කතා කර, යෝජනා රාශියක් ඉදිරිපත් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
නමුත්, පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා අතරින් 20% ක් හෝ ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවයි අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මන්ත්‍රීවරයා සඳහන් කළේ.
කුමන යෝජනා ඉදිරිපත් කළ ද, වත්මන් ආණ්ඩුවට ඒවා ඉටු කිරීමට හැකියාවක් හෝ කණ්ඩායමක් නොමැති බවත්, ලබන වසර අවසානයේ ද ආණ්ඩුවට ප්‍රකාශ කිරීමට ඇත්තේ අද ප්‍රකාශ කළ කාරණාම බවත් ඔහු ප්‍රකාශ කළා.
ආණ්ඩුව ‘කයිය ගැසීමට’ දක්ෂ බවත්, නමුත් වැඩක් කිරීමේ හැකියාවක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.