සම්පත් මනම්පේරිට අයත් වාහන 3ක් පොලිස් භාරයට – එක් රථයකින් ගංජත් ප්‍රවාහනය කරලා

රැදවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේ දී අදාළ වාහන සොයා ගෙන ඇති බව සඳහන් වේ.

මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහලුම් දෙකක් ළග තබා ගැනීමේ සිද්ධියට අදාළව පසුගියදා සම්පත් මනම්පේරි යන අය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුව ඔහුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *