“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “PLEASE” ව්‍යාපෘතියේ මූල්‍ය දායකත්වය මත කොළඹ ප්‍රධාන ඇළ මාර්ගවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය රඳවා ගැනීම සඳහා “Plastic Loop” යෙදීමේ නියමු වැඩසටහන පසුගියදා (07) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාවල පිහිටි ඇළ මාර්ගය අසලින් ආරම්භ විය.
නාගරික ප්‍රදේශවල ජලාපවහන සහ ඇළ මාර්ග පද්ධති හරහා ගංගාවලට සහ පසුව සාගරවලට ප්ලාස්ටික් කාන්දු වීම ප්‍රධාන පාරිසරික ගැටලුවක් බවට පත්ව ඇති අතර කොළඹ කලාපයේ ප්‍රධාන ස්වාධීන ඇල්මාර්ග පද්ධති 14ක ජාලය සහ අන්තර් සම්බන්ධිත ජල මාර්ග, අධික වර්ෂාපතනය අතරතුර අවහිර වීමට ප්‍රධානතම හේතුව ප්ලාස්ටික් එම ඇළ මාර්ග වෙත මුදා හැරීමයි. ඊට විසඳුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පරිසර නියෝජ්‍ය අමාත්‍යා ඇන්ටන් ජයකොඩි, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගරු නගරාධිපති අරෝෂ අතපත්තු මැතිතුමා ඇතුලු පිරිසගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.
මීට සමගාමීව “SACEP” ආයතන පරිශ්‍රයේදි පැවති උත්සව සභාවේදී එහි අධ්යක්ෂ ජනරාල් නෝහු වෙන්ජුක් මහතා විසින් ව්‍යාපෘතිය වැදගත්කම පිළිබඳ අදහස් දැක්වීය.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර, අධ්යක්ෂ (පාරසරික) අංජුල ප්‍රේමරත්න, අධ්යක්ෂ (සම්බන්ධීකරණ) දසුන් විජේසේකර මහතා ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.