“ජනාධිපතිවරයා අයවැයක් කියලා බොරු පච මල්ලක් ඉදිරිපත් කළා” – විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද්දේ අයවැයක් නොව “බොරු පච මල්ලක්” බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාවට දුන් පොරොන්දු සහ අයවැය යෝජනා අතර කිසිදු ගැලපීමක් නොමැති බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දැක්වීම සිදු කළේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.