21 විපක්ෂයේ දැවැන්ත රැලියට මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව දැනුම් දෙයි

ආණ්ඩුවට එරෙහිව ලබන 21දා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ විරෝධතා රැළියට තමා සහභාගි නොවන්නේ හේතු දෙකක් මත යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10දා) පැවසීය.

ඒ තමාගේ සුවදුක් බැලීමට රටවටෙන්ම දිනපතා තංගල්ලට එන ජනතාව හමුනොවී සිටීමට බැරි නිසාත් තංගල්ලේ සිට නුගේගොඩට පැමිණීමට අමතර කාලයක් යෙදවීමට සිදුවන නිසාත් යැයි ද හිටපු ජනපතිවරයා කීය.

මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂය මගින් සංවිධානය කරන විරෝධතා රැලිය ගැන මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඊට අපි උඩින්ම කැමැතියි. මෙම අවස්ථාවට මම සහභාගි නොවීම සමහරු වරදවා තේරුම් ගන්න පුළුවන්. මෙදා අයවැය ඇල්වතුර වගෙයි. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරද්දී ආණ්ඩුව අපිට ඇඟිල්ල දික්කෙරුවාට ඒත් අපි නිවැරදියි කියලා දැන් ජනතාවට තේරිලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *