රොබෝ තාක්ෂ­ණයෙන් බේරේ වැවේ අප­ද්‍රව්‍ය ස්වයං­ක්‍රි­යව එකතු කිරීමේ ව්‍යාපෘ­ති­යක් අරඹයි

සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය – පරි­සර අමා­ත්‍යාං­ශය එක්ව 5G තාක්ෂ­ණය සම­ඟින් රොබෝ තාක්ෂ­ණය යොදා ගනි­මින් ජලජ අප­ද්‍රව්‍ය ස්වයං­ක්‍රි­යව එකතු කිරීමේ ව්‍යාපෘ­ති­යක් ආරම්භ කරයි.

සාග­ර­යට සහ වෙර­ළට සමු­ද්‍රීය අප­ද්‍රව්‍ය එකතු වීම දිනෙන් දින වැඩි වෙමින් පවතී. සමු­ද්‍රීය අප­ද්‍ර­ව්‍ය­ව­ලින් සිය­යට 80කටත් වඩා වැඩි ප්‍රමා­ණ­යක් ගංගා, ඇළ දොළ වැනි රට අභ්‍ය­න්තර ජල මාර්ග ඔස්සේ සාග­ර­යට ගලා එයි. එම අප­ද්‍රව්‍ය සාග­ර­යට ඇතුළු වීමට පෙර එකතු කර පාල­නය කිරීම සඳහා මේ මෙම රොබෝ යාත්‍රාව හඳු­න්වා­දීම සිදු කෙරිණි.

පවි­ත්‍ර­තාව ඉහළ නැංවීමේ අර­මු­ණින්, සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය (MEPA) සහ ප්‍රමු­ඛ­තම සන්නි­වේ­දන සැප­යු­ම්ක­රු­වෙකු වන Dialog Axiata PLC සමා­ගම එක්ව නවෝ­ත්පා­දන ව්‍යාපෘ­ති­යක් ලෙස ඊයේ (11) කොළ­ඹදී මෙය ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘ­තිය යටතේ, 5G තාක්ෂ­ණ­යෙන් ක්‍රියා­ත්මක වන රොබෝ යාත්‍රාව ශ්‍රී ලංකා­වට ප්‍රථම වතා­වට හඳුන්වා දෙනු ලැබිණි.

මෙම ස්වයං­ක්‍රිය රොබෝ යන්ත්‍රය, ජලය මත පාවෙන ප්ලාස්ටික් ඇතුළු අප­ද්‍රව්‍ය ඉහළ කාර්ය­ක්ෂ­ම­තා­ව­කින් යුතුව එකතු කිරීමේ හැකි­යා­වෙන් යුක්තය.

5G තාක්ෂ­ණයේ ඉහළ වේගය සහ අඩු ප්‍රමාද වේලාව හේතු­වෙන්, රොබෝ යන්ත්‍රය දුර­ස්ථව සිට පවා නිර­ව­ද්‍යව සහ තථ්‍ය කාලී­නව මෙහෙ­ය­වී­මට සහ අප­ද්‍රව්‍ය හඳු­නා­ගැ­නී­මට හැකි වේ.

මෙම නව රොබෝ තාක්ෂ­ණය හඳු­න්වා­දීම සඳහා අවශ්‍ය වන සිය­ලුම අනු­ග්‍රා­හක දාය­ක­ත්වය Dialog Axiata සමා­ග­මෙන් ලැබෙන අතර, මෙහි සමස්ත මෙහෙ­යුම් කට­යුතු සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය විසින් සිදු කරනු ලබයි. මෙම සුවි­ශේෂී ව්‍යාපෘ­තියේ සමා­ර­ම්භක වැඩ­ස­ට­හන පරි­සර ඇමැති වෛද්‍ය ධම්මික පට­බැඳි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන්, සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සභා­පති සමන්ත ගුණ­සේ­කර මහ­තාගේ සහ Dialog Axiata PLC සමා­ගමේ ඉහළ කළ­ම­නා­කා­රී­ත්වයේ සහ­භා­ගි­ත්ව­යෙන් බේරේ වැව කේන්ද්‍ර කර­ග­නි­මින් සංකේ­තා­ත්ම­කව ඊයේ (11) ආරම්භ විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *