ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඉදිරිපත් කළ අයවැය, ශ්‍රී ලංකාව මූල්‍ය ඒකාග්‍රතාවය කරා යන මාවතේ තබා ඇති බව ජාත්‍යන්තර ෆිච් රේටින්ග් ආයතනය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමේ ඩොලර් මිලියන 347 ක වාරිකය මුදා හැරීම, එකඟ වී ඇති වැඩ පිළිවෙලට අනුගත අයවැයක් ඉදිරිපත් කිරීම මත රදා පවතින බැවින්, අයවැය සම්බන්ධයෙන් ෆිච් රේටින්ග් ආයතනය ඉදිරිපත් කර තිබෙන මෙම ධනාත්මක අදහස අතිශයින්ම වැදගත් ය.