ගිනි තැබූ මැති ඇමති නිවාසවලට ලබාගත් වන්දි යළි අයකර ගැනීමේ පෙත්සම ජනවාරි 28 කැදවීමට – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

2022 මැයි 09 වැනිදා දිවයින පුරා ඇතිවූ අරගලකාරී සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන්, නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි 28 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නිවැරදි ලිපිනයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *