24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතකින් බස්‍ ගාස්තු ගෙවිමේ ක්‍රමය අරඹයි

එළැඹෙන 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් ව තිබූ බවත් එයට විසඳුමක් ලෙස මෙසේ බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමය හඳුන්වා දෙන බවත් එහිදී ඔහු පැවසීය.

අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එමෙන්ම ඩිජිටල්කරණය හරහා තම රජය මේ වන විට යම් යම් ජයග්‍රහණ ලබා ඇති බවත් එහිදී ඔහු සඳහන් කළේය.

LankaPay හා GovPay හරහා මේ වන විට බිලියන ගණනින් මුදල් හුවමාරු වන බව ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *