කතානායක තමන්ට අයිති නිල නිවස පාවිච්චි කරන්න ඕනේ – දයාසිරි ජයසේකර කියයි

කතානායක නිල නිවස   පාවිච්චි කරන්නැයි සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී  ඉල්ලීමක් කළේය

එය වෙනත් කෙනෙකුට ලබාදීමට අයිතියක් නැතැයිද ඔහු සඳහන් කළේය.

එම නිල නිවස පාවිච්චි කරනවාට කිසිවකුත් විරුද්ධ නැතැයි පැවසූ  ජයසේකර මහතා  එය මෙරට ප්‍රධාන නායකයන්ට ලබා දෙන ප්‍රධාන නිල නිවාස වලින් එකක් බවද ප්‍රකාශ කළේය.

බීඑම්ඩබ්ලිව් වාහනය මුලින් පාවිච්චි නොකළ කතානායකතුමා දැන් එය පාවිච්චි කරන බවත් පැලවත්තෙන් ලැබුණු නියෝග අනුව එම තීරණය ගත්තාදැයි  තමා නොදන්නා බවත් ඔහු
පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *