ත්‍රිකුණාමලය, කොටුව සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ ඇති වූ සිදුවීම නොවැම්බර් 21 රැළියට පෙර සූදානමක් ලෙස සැලකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පවසනවා.
එම රැළියට සෙනඟ ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, වෙනත් කුමක් හෝ දෙයක් සිදු කරන ලෙසත්, නීතිවිරෝධී දේවල් සිදු කරමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන ලෙසට ඉල්ලා සිටින බවයි අද (17) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.