මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
ඒ අනුව, අද වන විට ජනතාවට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති වී ඇති බවයි අද (17) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අධිකරණ අමාත්‍ය ධුරය තවත් කෙනෙකුට අවශ්‍ය ලෙස සිදු කළ නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය ධුරයට වත්මන් ජනාධිපතිවරයා හෝ තමා ද සුදුස්සන් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.