එක් අශෝභන හැසිරීමකින් රටක් විනිශ්චය කරන්න බෑ – සංචාරක තරුණිය පොලිසියට ස්තූති කරමින් කියයි

ත්‍රීරෝද රථයක තනිව සංචාරය කරමින් සිටිය දී, දැඩි අපහසුතාවයකට පත් වන අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දුන් නවසීලන්ත ජාතික තරුණිය, තමන් එසේ අපහසුතාවයට පත් කළ තරුණයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියටත් අදාල බලධාරීන්ටත් සිය ස්තුතිය පළකර තිබේ.

එක් පුද්ගලයෙකුගේ අශෝභන හැසිරීමකින් රටක් විනිශ්චය කළ නොහැකි බව පවසන මෙම විදේශීය තරුණිය, ලංකාව අසිරිමත් දිවයිනක් බව ද පවසා තිබේ.

අදාල වීඩියෝව ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් සමහරු තමන්ට දොස් පවරන බවද ඇය පවසයි.

කෙසේ වෙතත්, තනිව සංචාරය කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන යතාර්ථය පිළිබදව අවබෝධයක් ලබා දීමට සහ ඒ පිළිබදව සංවාදයක් ගොඩ නැගීමට තමන්ට අවශ්‍යව තිබුණු බව ඇය වැඩි දුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *