ක්‍රිකට් තරග ටික CSN එකට දුන්නා,ලොතරැයි විකාශ දෙකක් බැසිල් අයින් කරා – රූපවාහිනිය පාඩු ලැබීමට හේතුව නිවේදකයා ප්‍රේමනාත් දොලවත්තට කියයි

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන දේශපාලන වැඩසටහනකට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත, රූපවාහිනී ගොඩනැගිල්ල වහලෙන් වතු-ර වෑස්සෙන් තැනක් බවට ගරා වැටී ඇති බවත්, එය වත්මන් ආණ්ඩුව මෑතක දී දියත් කළ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අසාර්ථක බව පෙන්නුම් කිරීමට තිබෙන හොඳ උදාහරණයක් බවත් පැවසී ය.

මිනිත්තු කිහිපයකට පසුව, වැඩ සටහන මෙහෙයවමින් සිටි නිවේදකයා, ප්‍රේමනාත් සී දොලවත්ත හිටපු මන්ත්‍රීවරයාට උත්තර දුන්නේ ය.

ජාතික රූපවාහිනියට විශාල ආදායමක් උපයා දෙමින් පැවති ක්‍රිකට් තරඟ විකාශය, රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කළ බවට චෝදනා එල්ල වී තිබෙන සී.එස්.එන් නාලිකාවට ලබා දීම රූපවාහිනිය බංකොලොත් වීමට එක් හේතුවක් බව නිවේදකයා පැවසී ය.

ඊට අමතරව, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කළ ලොතරැයි දෙකක ප්‍රතිඵල විකාශය එවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉතාම පටු පෞද්ගලික අරමුණකින් අත්හිටුවීම ද රූපවාහිනිය බංකොලොත් වීමට හේතු වූ බවද ඔහු පැවසී ය.

ප්‍රේමනාත් සී දොලවත්ත හිටපු මන්ත්‍රීවරයා නිවේදකයා සමඟ ඒ පිළිබදව තර්ක කිරීමට නොගියේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *