එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය බවට පූර්ණිමා අනුරංගි පත් වෙයි

එම්.අයි.17හෙලිකොප්ටර්  යානාවල ලංකාවේ පළමු හා එකම පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය තමාගේ නාමය ඉදිරියේ ලියා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්බලන්ගොඩ  පටබැඳිමුල්ලේ පදිංචි පූර්ණිමා අනුරංගි සමත්වූවාය.

පූර්ණිමාට මේ තත්ත්වයට ඒමට දැඩි කැපවීමක් දරන්නට සිදුවූවාය.විශේෂයෙන්ම ඒ වෙනුවෙන් විශාල මහන්සියක් වෙන්නට ද සිදුවූවාය.  සිය දියණිය අම්බන්ගොඩ ධර්මාශෝක පාසලේ ආදි ශිෂ්‍යාවක් බවත් ඇය පාසලේ ඉගෙනීමටම පමණක් මුල් තැනක් දුන් ශිෂයාවක ද නොවූ බවද දෙමාපියෝ  කීහ. සිය දියණිය අධයාපනයට අමතරව පාසලේදී පිහිනුම්,දැල් පන්දු සහ මලල ක්‍රීඩා සහභාගීවී එයින්ද දස්කම් දක්වා පදක්කම් සහ සහතිකපත් දිනා ගත් බවද ඔවුහු කීහ..

පාසල් අධයාපනය නිමවීමෙන් රැකියාවක් අපේක්ෂාවෙන් සිටි පූර්ණිමාගේ මවට අවශ්‍ය වූයේ සිය දියණිය  හෙදියක කිරීමටයි.  එහෙත් පූර්ණිමාගේ හිත ගියේම ගුවන් හමුදාවට බැදෙන්නමය. ඇයගේ එම ආශාවට ඉඩදීමට සිය පූර්ණිමාගේ මව වන අයිරාංගනී මහත්මියට සිදුවූවාය.

ඒ අනුව පූර්ණිමා ගුවන් හමුදාවට බැඳෙනුයේ 2018 ජනවාරී මාසයේය. ගුවන් හමුදාවේ දියතලාව මූලික සටන් පුහුණු පාසලේ ඇය එහි මාස හයක පුහුණුව ලැබුවාය. පසුව පූර්ණිමා චීන ගුවන් හමුදා කඳවුරේ මූලික අධයාපන සුදුසුකම් සපිරීමෙන් අනතුරුව හිගුරක්ගොඩ ගුවන් හමුදා අංක හත පුහුණු අංශයේ  වසර දෙකක් ගුවන් හමුදා ඉංජිනේරු නිලධාරිණියක ලෙස වසර දෙකක් පුහුණුවූවාය.

පූර්ණිමා ගේ ගුවන් හමුදා දිවියේ ස්වර්ණමය අවස්තාව එනුයේ හිගුරක්කොඩ ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදීය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගත් අභීත කියාවක පතිපලයක් ලෙසය.ඒ ගුවන් හමුදා ඉතිහාසයේ එතෙක් බිහි නොවී තිබූ එම්.අයි.17 හෙලිකොප්ටර් පියාසර ඉංජිනේරුවරියක වීමේ අවස්ථාව පූර්ණිමාට අභියෝගයක් ලෙස භාරදීමය.

ගුවන් හමුදාව ලබාදුන් ඒ අභියෝගය ඉතා සාර්ථක භාරගත් පූර්ණිමාට ගුවන් හමුදාවේ ඉහල නිලයන්හී ආශීර්වාදයෙන් සහ අනුබලය නොඅඩුව ලැබුණේය.මේ දිරිය කතට ඒ සඳහා අවැසි සෑම පුහුණුවක්ම ගුවන් හමුදාව ලබා දුන් බව සඳහන් කළ යුතුමය.නොඑසේනම් පූර්ණිමාට අද සිටින මේ තත්ත්වයට ඒම සිහිනයක්වීමට බොහෝ ඉඩකඩ තිබිණ.

ගුවන් හමුදාවෙන් පියාසර ඉංජිනේරුවරියක්වීමට ලබාදුන් අනගිභවනීය පුහුණුව නිසාම පූර්ණිමා අද ලංකාවේ පළමු සහ එකම එම්.අයි.17 හෙලිකොප්ටර් පියාසර ඉංජිනේරුවරිය වූවාය. මේ වන විට ඇය තමා ලත් ඒ දැනුම තවත් එවැනි පියාසර ඉංජිනේරුවරියන් ගුවන් හමුදාවෙන් බිහි කිරීමට සිය දායකත්වය ලබාදෙමින් සිටින්නීය. 

image cd7f130fb7 Iri News
image 66d1d09c41 Iri News
image 485737aa05 Iri News
image 493411ab88 Iri News
image a66a9f1e9a Iri News
image 7a6f5fab74 Iri News
image 1c84f82e75 Iri News
image 1e007a5d3f Iri News
image 76ddef028e Iri News
image 82921d1413 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *